News September 2, 2025 • 6 months ago

කටුනායක ගුවන්තොටුපොළේ රේගු පර්යන්තයට අති නවීන ස්කෑන් යන්ත්‍රයක්

කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයට, රුපියල් කෝටි 05 ක් වටිනා අතිනවීනතම පරිලෝකන යන්ත්‍ර ( Scan Machine ) දෙකක් අද (02) දහවල් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

A

Admin User

Author

කටුනායක ගුවන්තොටුපොළේ රේගු පර්යන්තයට අති නවීන ස්කෑන් යන්ත්‍රයක්
කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයට, රුපියල් කෝටි 05 ක් වටිනා අතිනවීනතම පරිලෝකන යන්ත්‍ර ( Scan Machine ) දෙකක් අද (02) දහවල් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

මෙම යන්ත්‍ර දෙක මඟින් දිනකට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් 20,000කට තම ගමන් මලු වඩාත් කඩිනමින් නිශ්කාශනය කර රැගෙන යාමට හැකි වන අතර ශ්‍රී ලංකා රේගුවට මෙම යන්ත්‍ර දෙක ලැබීමත් සමග වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අවස්ථාව ද උදා වී තිබේ.

ජර්මනියේ නිෂ්පාදිත මෙම පරිලෝකන යන්ත්‍ර මගින් ගුවන් මගීන් රැගෙන එන ගමන් මලු තුළ ඇති භාණ්ඩ වල ත්‍රිමාණ දර්ශන ලබා ගත හැකි වීම විශේෂත්වයකි .

මෙම යන්ත්‍ර දෙක ව්‍යාපාරිකයන් සදහා වන ” රක්ත මාවත” ( Red Channel ) සහ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ආරම්භක ස්ථාන වල ස්ථාපිත කර තිබේ.

මෙම යන්ත්‍ර පළමු වරට ක්‍රියාත්මක කරන අවස්ථාවට අභිනව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැමිණ සිටියේය.

Tags

##Srilanka #mingirisNews #worldnews #news #sinhala #6.30

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬