News
September 2, 2025 • 3 months ago
‘උතුරේ ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරනවා‘
උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
A
Admin User
Author
උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ එම ජනතාව ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යන බව පැවසූ ජනාධිපතිවරයා, උතුරට නව ආර්ථික අවස්ථා උදා කර දීම වෙනුවෙන් කර්මාන්ත කලාප ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
එසේම, උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය, භාෂා සහ සංස්කෘතික අයිතිය සුරැකීම මෙන්ම අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්ද රජය කැප වී සිටින බව පැවසූ ජනාධිපතිවරයා රජයේ අරමුණ රට තුළ ජාතික සමගිය නිර්මාණය කිරීම බවත්, ඒ වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ කිසිදු පැකිළීමකින් තොරව ගන්නා බවත් සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ලෝක පොල් දින සැමරුමට සමගාමීව
“රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” තේමාව යටතේ අද (02) පෙරවරුවේ පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවති උතුරු පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.
පේදුරුතුඩුව – සිලාවතුර – කෝකිලායි යන නගර තුන යා කරමින් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත උතුරු පොල් ත්‍රිකෝණය ස්ථාපිත කෙරේ. මේ යටතේ 2025 වසරේ නව පොල් ඉඩම් අක්කර 16,000ක් වගා කිරීම සඳහා උතුරු ප්‍රදේශයේ වගාකරුවන්ට ඉහළ අස්වැන්නක් සහිත පොල් පැළ ලබා දීමට සහ එම ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ.
2025 සිට 2027 වර්ෂය දක්වා වන වසර 03 තුළදී එම ඉඩම් ප්‍රමාණය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීම මගින් උතුරු පළාතේ පොල් කර්මාන්ත ස්ථාපිත කරමින් ජනතාවගේ ජන ජීවිතය ඉහළ මට්ටමකට ගෙන ඒමටත්, පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලැබෙන ආදායම වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 70කින් වැඩි කර ගැනීමත් අපේක්ෂා කෙරේ.
උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 නියෝජනය කරමින් පොල් වගා කරන ගොවීන් වෙනුවෙන් රජයේ සහනාධාර සඳහා වූ හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
2025 ලෝක පොල් දින සැමරුම වෙනුවෙන් සම්පාදනය කළ සඟරාවද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර, ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නුවන් චින්තක මහතා විසින් ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ ඇගයීම් සහතිකය ශ්‍රී ලංකාවට ලැබුණු බවට වන සහතිකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.

Tags
##Srilanka #mingirisNews #worldnews