News August 25, 2025 • 6 months ago

ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ නව සාමාජිකයින්ට පත්වීම්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය කිරීම

A

Admin User

Author

ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ නව සාමාජිකයින්ට පත්වීම්
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(25) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිණි.

ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ඊ.ඒ.ජී. ආර්. අමරසේකර මහතා පත් කර ඇති අතර, කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු එම්.ආර්.සී.ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ, පී.අයි.එස්. දේමුණිද සිල්වා, ජනාධිපති නීතිඥ, එෆ්.ජමීල්, ජනාධිපති නීතිඥ, නීල් ඩී.බී.උනම්ඹුවේ, ජනාධිපති නීතිඥ,ජී.එස්.ඒ. ශාන්ත ද සිල්වා, ආචාර්ය, සුනිල් ඩී.බී.අබේරත්න, ජනාධිපති නීතිඥ එච්.යූ. ප්‍රනාන්දු, පී.අයි.එස්.සමරසිංහ, ජනාධිපති නීතිඥ විරාන් කුරේ, ආර්. අමීන් සහ මහාචාර්ය ඩබ්ලිව්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මින් පත් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනෙවිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1969 අංක 03 දරණ නීති කොමිෂන් සභා පනතේ 02 වන වගන්තියට අනුව 1969 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව ආරම්භ කරන ලද අතර, ජනාධිපතිවරයා විසින් වසර පහක කාලයක් සඳහා ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පත් කරනු ලබයි

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬