News August 22, 2025 • 6 months ago

වසර 4ක් ඇතුළත ඉස්ලාමාබාද් නුවර ලිංගික අපයෝජන 567ක්

වසර 2021 ජනවාරියේ සිට මේ වසරේ ජනවාරි දක්වා කාලය ඇතුළත පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරින් ලිංගික අපයෝජන සිදුවීම් 567ක් වාර්තා වී ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු ඇමැති මොෂින් නක්වි ප්‍රකාශ කළ බව පාකිස්තානයේ ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය.

A

Admin User

Author

වසර 4ක් ඇතුළත ඉස්ලාමාබාද් නුවර ලිංගික අපයෝජන 567ක්
වින්දිතයන්ගෙන් 201 දෙනකුම දරුවන් බව අභ්‍යන්තර ඇමැති කියයි

වසර 2021 ජනවාරියේ සිට මේ වසරේ ජනවාරි දක්වා කාලය ඇතුළත පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරින් ලිංගික අපයෝජන සිදුවීම් 567ක් වාර්තා වී ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු ඇමැති මොෂින් නක්වි ප්‍රකාශ කළ බව පාකිස්තානයේ ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය. එම ලිංගික අපයෝජනයට ලක්වූවන්ගෙන් 201 දෙනකුම දරුවන් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළ බව ට්‍රිබියුන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එරට පාර්ලිමේන්තු මන්ත්‍රී ෂහදාත් අවාන්ගේ ලිඛිත විමසීමකට පිළිතුරු සපයමින් පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා මේ තොරතුරු හෙළි කර ඇති අතර, ලිංගික අපයෝජනයට ලක්වූ දරුවන් අතර පිරිමි ළමුන් 93ක් සහ ගැහැනු ළමුන් 108 දෙනකු සිටින බව ද සඳහන් කර තිබේ.

ලිංගික අපයෝජන පැමිණිලි සම්බන්ධව සැකකරුවන් 222 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබුවද, වරදකරුවන් වී ඇත්තේ ඉන් 12 දෙනකු පමණක් බවත්, තවත් 163 දෙනකුට එරෙහිව නඩු විභාග සිදුවන බවත් පාකිස්තාන ට්‍රිබියුන් පුවත් සේවය සඳහන් කළේය. මීට අමතරව සැකකරුවන්ගෙන් 15 දෙනකු නිදොස් කොට නිදහස් කර ඇතැයි ද වාර්තා වේ.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬