News August 22, 2025 • 6 months ago

මුදල් සැපයුම සහ අච්චු ගැසීම යනු වෙනස් කාරණා දෙකකි රැවටෙන්න එපා – මහ බැංකුව කියයි

“මුදල් අච්චු ගැසීම” යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින් ම ආර්ථිකය වෙත අලුත් මුදල් නිකුත් කිරීමයි. මෙලෙස ආර්ථිකය වෙත නව මුදල් නිකුත් කිරීමේ ප්‍රධාන ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් ම රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමයි. මෙමගින් මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගය ඉහළ යන අතර, ආර්ථිකයට අලුතින් මුදල් එකතු වේ.

A

Admin User

Author

“පුළුල් මුදල් සැපයුම (M2b)” යනු ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාරයක් පමණි. පුළුල් මුදල් සැපයුම (M2b) තුළ මහජනතාව සතු ව්‍යවහාර මුදල් වලට අමතරව තවත් සංරචක කීපයක් ඇතුළත්වේ. බැංකු පද්ධතිය මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජය සතු වාණිජ ව්‍යාපාර වෙත ලබා දුන් ණය සහ බැංකු පද්ධතිය සතු විදේශීය වත්කම් යනාදිය පුළුල් මුදල් සැපයුම (M2b) තුළ අන්තර්ගත වේ.

මේ නිසා, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම, මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැනදැනම මහජනතාව නොමග යැවීමේ අරමුණින්‍ ය.

නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව මේ බව සඳහන් කර තිබේ.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬