News August 22, 2025 • 6 months ago

වී අස්වැන්න වැඩි කිරීමට “Agri+” වැඩසටහන ක්‍රියාත්මකයි

කෘෂිකර්ම අමාත්‍යාංශය, රටේ වී අස්වැන්න වැඩි කිරීමට “Agri+” නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන 2025–2028 කාලය තුළ ක්‍රියාත්මක වන අතර, රටපුරා ආදර්ශ යාය 500ක් නව තාක්ෂණික පැකේජ අනුව වී වගා කිරීම ප්‍රධාන ඉලක්කය වේ.

A

Admin User

Author

වී අස්වැන්න වැඩි කිරීමට “Agri+” වැඩසටහන ක්‍රියාත්මකයි
කෘෂිකර්ම අමාත්‍යාංශය, රටේ වී අස්වැන්න වැඩි කිරීමට “Agri+” නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන 2025–2028 කාලය තුළ ක්‍රියාත්මක වන අතර, රටපුරා ආදර්ශ යාය 500ක් නව තාක්ෂණික පැකේජ අනුව වී වගා කිරීම ප්‍රධාන ඉලක්කය වේ.

නවීන තාක්ෂණ භාවිතය පුළුල් වීම මඟින්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිෂ්පාදන ක්‍රම සම්පූර්ණයෙන්ම දියුණු වන අතර, ගොවීන්ට වැඩි අස්වැන්න ලබා ගැනීමේ සෘජු අවස්ථාවක් සපයයි. “Agri+” වැඩසටහන යටතේ නව බීජ, උසස් පොහොර, කෘෂිකර්ම උපකරණ සහ ජල කළමනාකරණ ක්‍රම භාවිතා කිරීම මඟින් ගොවීන්ගේ කාර්යක්ෂමතාවය වැඩි වෙයි. මේ දියුණුව, ඔවුන්ගේ ආදායම වැඩි කිරීමත්, ජීවන තත්ත්වය උසස් කිරීමත් සහ ආර්ථික ස්ථාවරභාවය වර්ධනය කිරීමත් සඳහා සෘජු බලපෑමක් ඇති කරයි. නව තාක්ෂණික දැනුම සහ නව ක්‍රමවේද ක්ෂේත්‍රයට හඳුන්වා දීම මෙමගින් අපේක්ෂා කරයි.

අද (22) මහා වාරි ව්‍යාපාර 38 හිදී, Agri+ වැඩසටහනේ වගා සහ නිෂ්පාදන ඉලක්ක සැලසුම් කිරීමේ වැඩසටහන පැවැත්විණි.

මෙම වැඩසටහනට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ සහකාර අධ්‍යක්ෂ, වාරිමාර්ග කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ, මහා වාරි 38 හි නේවාසික ව්‍යාපාර කළමණාකාරවරුන් සහ කෘෂිකර්ම උපදේශකවරුන් සියල්ලන්ම සහභාගී විය.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬