ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කෙරේ
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී පැවැත්විණි.
Admin User
Author
එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය නන්දා මාලිනී මැදිරිය ලෙස නම් කිරීම ද, ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ ඇයගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යන මහත්ම මහත්මීහු ද, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ රැසක් ද සහභාගී වූහ.