News August 21, 2025 • 6 months ago

රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින්

1952 දී, රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින් තම ශිෂ්‍යයෙකු වූ රේමන්ඩ් ගොස්ලින් සමග එකතුව X-කිරණ ස්ඵටික විද්‍යාව (x-ray crystallography) භාවිතයෙන් “Photo 51” නම් පසු කලෙක ලොව පතල වූ ඡායාරූපය ග්‍රහණය කර ගත්තා.

A

Admin User

Author

රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින්
ඇය මිනිස් ඉතිහාසයේ වැදගත්ම ඡායාරූප වලින් එකක් ගත්තා, නමුත් ඇගේ දැනුම සොරකම් කර වෙනත් තිදෙනෙක් නොබෙල් ත්‍යාගය ලබාගත්තා.

1952 දී, රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින් තම ශිෂ්‍යයෙකු වූ රේමන්ඩ් ගොස්ලින් සමග එකතුව X-කිරණ ස්ඵටික විද්‍යාව (x-ray crystallography) භාවිතයෙන් “Photo 51” නම් පසු කලෙක ලොව පතල වූ ඡායාරූපය ග්‍රහණය කර ගත්තා.

එම තනි ඡායාරූපය DNA හි ද්විත්ව හෙලික්ස ව්‍යුහය, එනම් ජීවයේම සැලැස්ම හෙළි කළා. එය නොමැතිව, අපගේ ජාන කේතය ව්‍යුහගත වී ඇති ආකාරය පිළිබඳ පෙරළිකාර සොයාගැනීම එම කාලයේදී සිදු නොවන්නට ඉඩ තිබුණා. නමුත් එය ලොවට ඉදිරිපත් කිරීමට පෙර ඇයට තවත් පර්යේෂණ කර කරුණු සනාථ කරගැනීමට අවශ්‍ය වුණා.

එහෙත් ඒ අතරවාරයේ, එම ඡායාරූපය ඇගේ අනුදැනුමකින් තොරව ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් වෙත ලබා දීමට ඇගේ වෘත්තිය සගයෙකු වූ මොරිස් විල්කින්ස් කටයුතු කළා. ඔවුන් එය ඔවුන්ගේ ප්‍රසිද්ධ වොට්සන්-ක්‍රීක් DNA ද්විත්ව හේලික්සීය ආකෘතිය (double helix model of DNA) ගොඩනැගීමට භාවිතා කළා.

වොට්සන්, ක්‍රීක් සහ විල්කින්ස් එම ඉදිරිපත්කිරීමට 1962 දී නොබෙල් ත්‍යාගය ලබා ගත් අතර, එහි සැබෑ හිමිකාරිය වූ ෆ්‍රෑන්ක්ලින් ඒ වන විටත් වයස අවුරුදු 37 (1958)දී මිය ගොස් තිබුණා (මියගිය අයට නොබෙල් සම්මානය දීමේ සම්ප්‍රදායක්ද එකල තිබී නැහැ).

දශක ගණනාවක් තිස්සේ ඉතිහාසය විසින් ඇගේ මෙම විශිෂ්ට සොයාගැනීම පවා සගවා දමා තිබුණා.
නමුත් සත්‍යය සැමදා යටපත් කරලිය නොහැකි වුණා.

ජීවයේ රහස හෙළි කිරීමට නිහඬවම උපකාර කළ වීරවරිය ලෙස රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින් නාමය සදා අමරණීය වේ.

වෛද්‍ය ටෙරාෂ් හෙට්ටිගේ.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬