News August 21, 2025 • 6 months ago

මහ සමන් දේවාලයේ බස්නායක ධුරයට ශංක මාපිටිගම......

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණය ඊයේ (20දා) බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්. ආර්.එම්. ගාමිණි සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා රත්නපුර දිස්ත්‍රික් සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් ප්‍රභාත් වීරකෝන් මහතාගේ සහභාගිත්වයෙන්

A

Admin User

Author

මහ සමන් දේවාලයේ බස්නායක ධුරයට ශංක මාපිටිගම......
මහ සමන් දේවාලයේ බස්නායක ධුරයට ශංක මාපිටිගම......
😜😜😜😜
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණය ඊයේ (20දා) බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්. ආර්.එම්. ගාමිණි සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා රත්නපුර දිස්ත්‍රික් සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් ප්‍රභාත් වීරකෝන් මහතාගේ සහභාගිත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී අභිනව බස්නායක නිලමේවරයා ලෙස ශංක මාපිටිගම මහතා තේරී පත් විය.

මෙවර නිලවරණය සඳහා අපේක්ෂකයන් 23 දෙනකු ඉදිරිපත්ව තිබූ අතර ඡන්දය ලබාදීමට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහ අටෙන් පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන් සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක හා සිටින ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා බොල්තුඹේ බස්නායක නිලමේවරයාට හා උග්ගල් අලුත්නුවර හා අම්මඩුව කුඩා කතරගම දේවාලවල වැඩ බලන බස්නායක නිලමේවරුන්ට අවස්ථාව හිමිව තිබිණි. ඒ අනුව ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා සිටි මුළු පිරිස 12 දෙනෙකි. මෙහිදී යෝජනා

ස්ථීරත්වයෙන් ශංක මාපිටිගම මහතාගේ හා චන්ද්‍රකුමාරසිරි ජයසිංහ මහතාගේ නම් ඡන්දය ලබාදීම සඳහා සුදුසුකම් ලැබූ අතර පසුව පැවැති ඡන්ද විමසීමේදී චන්ද්‍රකුමාරසිරි ජයසිංහ මහතාට ඡන්ද 4ක්ද, ශංක මාපිටිගම මහතාට ඡන්ද 6ක්ද හිමි විය. ඒ අනුව වැඩි ඡන්ද 2කින් ශංක මාපිටිගම මහතා නව බස්නායක නිලමේවරයා ලෙස තේරී පත් විය. ශංක මාපිටිගම මහතාගේ නම යෝජනා කිරීම හා ස්ථිර කිරීම ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිදුකර තිබූ අතර කුරුවිට ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර මහතා රාජකාරි කටයුත්තක් හේතුවෙන් නිලවරණයට සහභාගි නොවූ අතර බොල්තුඹේ බස්නායක නිලමේවරයා ඡන්දය ලබා දුන්නද එය ප්‍රතික්ෂේප කර තිබිණි.

ඒ අනුව ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා සිටින මුළු පිරිස 12 දෙනෙකි. චන්ද්‍රකුමාරසිරි ජයසිංහ මහතාගේ නම යෝජනා කිරීම හා ස්ථීර කිරීම උග්ගල් අලුත්නුවර හා අම්මඩුව කුඩා කතරගම දේවාලවල වැඩ බලන බස්නායක නිලමේවරුන් විසින් සිදු කර තිබිණි.

මේ වසරේ ජනවාරි පළමුවැනි දින සිට සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය පුරප්පාඩුව පවතින අතර හිටපු බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර බණ්ඩාර මහතාගේ ධුර කාලය 2024 දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වීම හේතුවෙන් ඔහුගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට වත්මන් රජය කටයුතු කළ අතර වැඩ ආවරණය කිරීම සඳහා තාවකාලිකව පත්කළ වැඩබලන නිලමේවරයාටද එම ධුරයෙන් ඉවත් වීමට සිදු වූයේ සමන් දේවාලයේ ඇතුළු හා පිට කට්ටලවල රාජකාරි මණ්ඩලයේ විරෝධය

හේතුවෙනි. එතැන් පටන් මේ දක්වා සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාගේ වැඩ ආවරණය කිරීම රත්නපුර දිස්ත්‍රික් සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් සිදුකළ අතර මෙවර ඇසළ පෙරහර මංගල්ලය ලබන 24 වැනි දින අරම්භවීමට නියමිතව ඇති අතර නව බස්නායක නිලමේවරයා යටතේ මෙවර පෙරහර සිදු කිරීමට දේවාලය ඇතුල් හා පිටකට්ටලවල රාජකාරි මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටී.

කුරුවිට – කේ.ඒ.එස්. පියතිලක, කහවත්තේ – එල්. නිරෝෂණ

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬