News August 21, 2025 • 6 months ago

නැගෙනහිර මාධ්‍යවේදීන් බියගැන්වීම නතර කරමු!

හෙට උදේ පාර්ලිමේන්තුව ළඟට ඇවිත් විරෝධයක් කරමු කියලා යෝජනා වුණේ කාටවත් ඉල්ලා අස්වෙන්න කියල බල කරන්න නෙවෙයි. ගෙදර යවන්නත් නෙවෙයි.

A

Admin User

Author

නැගෙනහිර මාධ්‍යවේදීන් බියගැන්වීම නතර කරමු!
හෙට උදේ පාර්ලිමේන්තුව ළඟට ඇවිත් විරෝධයක් කරමු කියලා යෝජනා වුණේ කාටවත් ඉල්ලා අස්වෙන්න කියල බල කරන්න නෙවෙයි. ගෙදර යවන්නත් නෙවෙයි. කාටවත් විරුද්ධව කිසිදෙයක් කරන්න නෙවෙයි. ඒ වගේම කවුරුත් පොරවල් වෙන්නත් නෙවෙයි. කරන්න දෙයක් නැතිකමටත් නෙවෙයි.

සරලවම උතුරු- නැගෙනහිර මාධ්‍යවේදීන් අදටත් මුහුණදෙන ප්‍රවණතාවකට අපි එකඟ නැති බව පෙන්වන්න.

අපි දන්නවා ඊයේ පෙරේරදා දිවයින කතෘවරයාවත්, අරුණ කතෘ සහ විශේෂාංග කතෘත් ඇතුළු මාධ්‍ය වේදීන් පිරිසක් සීඅයිඩීයට කැඳෙව්වා. ඒ ඔවුන්ට එරෙහිව විමර්ශනය කරන්න නෙවෙයි. ඔවුන්ගෙන් විමර්ශනයකට සහයෝගය ලබාගන්නයි. හැම අවස්ථාවකදීම අපි අපේ අයව සීඅයිඩී ගේන්න එපා, ටීඅයිඩී ගේන්න එපා කියලා විරුද්ධ වෙන්නෑ. උතුරේ වුණත්, දකුණේ වුණත් විමර්ශනයකට සහයෝගය ලබාගන්න කැඳවන එක එකක්.

ඒත් කුමනන් වගේම තව මාධ්‍ය වේදීන්ව කැඳවලා තිබුණේම බියගන්වන්න. අනෙක පැහැදිලි පැමිණිල්ලක් මත නෙවෙයි. නිශ්චිත විමර්ශනයක් නෑ. ඒ වෙනුවට ඒ කෙනාගේ මාධ්‍යකරණය ගැනමයි ප්‍රශ්න කරන්නේ. අනවසරයෙන් ඒ කෙනාගේ දත්ත එකතු කරලා, ඔත්තු බලලා. ඊට පස්සේ බය කරනවා ඔයාට අයිසීසීපීආර් පාවිච්චි කරන්න පුලුවන්, පීටීඒ පාවිච්චි කරන්න පුලුවන් කියලා. එයාට සපෝට් කරලා කවුරුහරි පෝස්ට් එකක් දැම්මත් බිය ගන්නවනවා. ඇයි මේ ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේ කියලා ප්‍රශ්න අහනවා. මේ සියල්ල දරුණු බියගැන්වීම් විදියට සලකන්න සිද්ධ වෙනවා.

මේවා සමහරවිට කරන්නේ තවමත් ක්‍රියාත්මක අදිසි හස්තයන් වෙන්න පුලුවන්. නැත්නම් ආණ්ඩුව දන්නවා වෙන්නත් පුලුවන් කවුද දන්නේ? ඒත්, අපි හිතන්නේ තමන් නොදැන වෙනවා නම් ආණ්ඩුව මේවා ගැන හොයලා මේ ප්‍රවණතා නවත්වන්න ඕනෑ. තමන් දැනගෙන වෙනවා නම් වගකීම ගන්න ඕනෑ. ඒකට අපි විවෘතයි.

අපි කියන්නේ විමර්ශන, නීතිරීති, අණපනත් අවභාවිත කරලා ඒවායින් කාවවත් බය ගන්වන්න එපා. අවශ්‍ය හැම වෙලාවකදීම සහයෝගය දෙන්න ඕනෑ බව අපි පිළිගන්නවා. කවුරුත් නීතියට ඉහළින් නෑ.

උතුරේ ඇත්තටම වෙන දේ දැනගැනීම දකුණේත් අයිතියක්. උතුරේ වෙන දේ ගැන ඇත්ත අපට දැනගන්න වෙන්නේ ප්‍රමිතියෙන් යුක්ත, බියෙන් පීඩාවට ලක් නොවෙන ජනමාධ්‍යකරණයක් තිබුණොත්.

එවන් ජනමාධ්‍යකරණයක් වෙනුවෙන් අපි බලපෑමක් කළ යුතුයි. අපට වගකීමක් තියෙනවා ඒ වෙනුවෙන් හඬ නගන්න.

ඒ නිසා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලනවා හැකි හැමෝම එන්න කියලා.

ආදරයෙන් හිටගනිමු...!

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬