News
August 21, 2025 • 3 months ago
රාජකාරි වෙලාවේ පෞද්ගලික රෝහලක වැඩ කළ විශේෂඥ වෛද්‍යවරුන්ට පියවර
රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු ඉකුත්දා (අගෝ. 18) ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව දරු ප්‍රසූතියක් බලාපොරොත්තුව සිටි
A
Admin User
Author
රාජකාරි වෙලාවේ පෞද්ගලික රෝහලක වැඩ කළ විශේෂඥ වෛද්‍යවරුන්ට පියවර ගත්තැයි ඊයේ රත්නපුරේ වෛද්‍ය වර්ජනයක්......
🤪🤪🤪🤪
රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු ඉකුත්දා (අගෝ. 18) ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව දරු ප්‍රසූතියක් බලාපොරොත්තුව සිටි ගැබිනි කාන්තාවකගේ හදිසි ශල්‍යකර්මයකට සම්බන්ධ වීම හේතුවෙන් ඔවුන් තිදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දීම නිසා එයට එරෙහිව රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලු වෛද්‍යවරුන් එක්ව ඊයේ (අගෝ. 20) පෙ.ව. 8 සිට 12 දක්වා සිදු කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර අඩාල වී තිබිණි.
මෙම සංකේත වැඩවර්ජනය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් සංවිධානය කර තිබූ අතර මින් හදිසි ප්‍රතිකාරවලට හා නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුවලට බාධා සිදු නොවුණු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙයට සම්බන්ධ වෛද්‍යවරුන් පවසා සිටියේ හදිසි අවශ්‍යතාවකදී ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් ලොග් සටහන යොදා ඕනෑ ම රාජකාරි වේලාවකදී පෞද්ගලික රෝහලක වුවද ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම සඳහා සහභාගි වීමට වෛද්‍යවරුන්ට හැකියාව ඇති බවයි. ඒ වෙනුවෙන් නීතිමය බාධාවක් නැති බවද එසේ අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් කිරීමට කටයුතු කළහොත් සංකේත වැඩවර්ජනය දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දක්වා ගෙන යෑමට කටයුතු කරන බවයි.
මේ සම්බන්ධයෙන් රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහගෙන් විමසීමක් කළ අතර එහිදී වෛද්‍යවරයා පවසා සිටියේ, යම් අවස්ථාවක රෝහලේ රාජකාරි අවස්ථාවකදී වුවද හදිසි ප්‍රතිකාර කටයුත්තක් සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුට ඒ සඳහා සහභාගී වීමට අවස්ථාවක් ඇති බවත් ඒ සඳහා චක්‍රලේඛයක් ඇතත් එය නිසි ලෙස අනුගමනය නොකර මෙම ප්‍රතිකාර කටයුතු සඳහා සහභාගී වීම හේතුවෙන් පරීක්ෂණයක් ඉල්ලූ බව ය.
එම පරීක්ෂණය මේවන විට සිදුවන බවද මෙම තත්ත්වය වැරදි ලෙස මාධ්‍යවල පළ වීම හේතුවෙන් යම් අපහසුතාවක් ඇති බවද එය නිවැරදි කිරීමට එම මාධ්‍ය ආයතන කටයුතු කරන බවට පැවැසූ බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඊයේ සංකේත වර්ජනයක් සිදු නොවූ බවද වෛද්‍යවරුන් පිරිසක් නිවාඩු දමා තිබූ බවද පැවසූ රෝහල් අධ්‍යක්ෂවරයා පවසා සිටියේ, මේ තත්ත්වය රෝගී ප්‍රතිකාර කටයුතුවලට එතරම් බාධාවක් නොවූ බව ය.
ලිලන්ත බෝඩිවඩුගේගේ මුහුණු පොතෙනි

Tags
##Srilanka #mingirisNews #worldnews