News August 21, 2025 • 6 months ago

පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි.

A

Admin User

Author

පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති
පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි.

පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳව දැනුමෙන් පිරිපුන් සිසුන් සඳහා ජනාධිපති පදක්කම් පිරිනමා ඔවුන් ඇගයීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරයි.

මෙවර 11 වෙනි වරටත් පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේදී පරිසර නියමුවෝ 192ක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ජනාධිපති පදක්කම් ලැබූහ.

පාසල් සිසුන් පරිසර නියමුවන් ලෙස පුහුණු කළ ගුරුවරුන්ට උපහාර පිදීමද මෙහිදී සිදු කෙරිණි.

2025 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය වෙනුවෙන් සම්පාදනය කෙරුණු විශේෂ සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙම උත්සව සභාව ඇමතූ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ පරිසර දූෂණයේ අහිතකර ප්‍රතිවිපාකවලට අද මුළුමහත් ලෝකයටම මුහුණ දීමට සිදුව ඇති බවයි. අප කුඩා කල අත් නොවිඳී, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වත්මන් පරපුරට අත්විඳීමට සිදුව ඇති, පරිසර විනාශය ආපසු හරවමින් සියලු ජීවින්ට යහපත් පරිසරයක් උදාකර දීමේ වගකීම සියලුදෙනා වෙත පැවරී තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළද පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා එහි ප්‍රධාන වැඩසටහනක් ලෙස Clean Sri Lanka වැඩසටහන මේ වන විට ශක්තිමත්ව ක්‍රියාවට නංවා තිබෙන බව ප්‍රකාශ කළේය.

සොබාදහම සහ සංවර්ධනය අතර සමතුලිතතාව රැක ගනිමින් ජන ජීවිතය ඉදිරියට ගෙන යාම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වැඩපිළිවෙළ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා අද ජීවත් වන පරිසරයට වඩා සුවදායී හරිත පරිසරයක් මතු පරපුරට දායාද කිරීමේ වැඩපිළිවෙළහි ශක්තිමත් නියමුවන් ලෙස කටයුතු කරන ලෙස පදක්කම්ලාභී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, එහි අධ්‍යක්ෂ ජනරාල් පද්මසිරි මූණමලේ යන මහත්වරු සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬