News August 19, 2025 • 6 months ago

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය එක්සත් ජාතීන්ගේ පැසසුමට

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියේ (MINUSCA) යොදවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය විසින් අධි අවදානම් සහිත ගැටුම්කාරී ප්‍රදේශයක තුවාලකරුවන් බේරාගැනීමේ (CASEVAC) මෙහෙයුමක් සාර්ථකව නිම කිරීමට හැකිවීම හේතුවෙන් මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාමසාධක හමුදා ප‍්‍රධානි විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂ ඇගයීමකට ලක්කළේය.

A

Admin User

Author

තවද සාම සාධක මෙහෙයුම්වල සාර්ථකත්වයට යුහුසුළුව දායක වෙමින් ගුවන් සහාය ලබා දීමේදී මනා ක්‍රමවත් හා කැපවීමෙන් කටයුතු කිරීම සහ වෘත්තීය නිපුනත්වය වෙනුවෙන්, 10 වන ගුවන් හමුදා සාමසාධක බලඇණි, අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් උදිත ද සිල්වාගේ මූලිකත්වයෙන් යුත් සිය බලඇණියටද ප්‍රශංසා පුද කරමින් ඇගයීමට ලක් කරන ලදී.

මෙහිදී අනපේක්ෂිත සතුරු මෙහෙයුම් ප්‍රදේශයක සිදු කරන ලද මෙහෙයුමක් අතර තුර බරපතල ලෙස තුවාල ලබා සිටි එක්සත් ජාතීන්ගේ නිලධාරීන් තිදෙනෙකු අධික දූවිලි සහිත හා වේගයෙන් වෙනස් වන භූමි තර්ජන ඇතුළු ප්‍රබල අභියෝග ඇති ප්‍රදේශයMI-17 හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් නිරුපද්‍රිතව බේරා ගනිමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් ආරක්ෂිතව රැගෙන යන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය විසින් සිදුකරන ලද මෙම මෙහෙයුම අගයමින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අණදෙන නිලධාරියා විසින් ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කල වින්ග් කමාන්ඩර් ඉෂාන් තිබ්බොටුමුණුවේ සහ සහයක ගුවන් නියමුවා ලෙස කටයුතු කල වින්ග් කමාන්ඩර් නදුන් දෙනෙත්ති ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය ප්‍රශංසාවට ලක් කර තිබේ.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬