News August 19, 2025 • 6 months ago

ලංකාවට තාරුණ්‍ය ගැන අලුත් කථිකාවක් අවශ්‍යයි

ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි කරලා තිබෙන බවත් ලංකාවට තාරුණ්‍ය ගැන අලුත් කථිකාවක් අවශ්‍යය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

A

Admin User

Author

ලංකාවට තාරුණ්‍ය ගැන අලුත් කථිකාවක් අවශ්‍යයි
ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි කරලා තිබෙන බවත්
ලංකාවට තාරුණ්‍ය ගැන අලුත් කථිකාවක් අවශ්‍යය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(19) පැවැති, තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කර තිබූ විශේෂ හමුව සහ විවෘත සාකච්ඡාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළා ය.

අගෝස්තු 12 වැනිදාට යෙදුනු, ජාත්‍යන්තර තරුණ දිනය මුල් කරගනිමින් මෙම හමුව සංවිධානය කර තිබුණි.

තරුණ සම්මේලනයේ නව සාමාජිකයින් හට සුබ පැතූ අග්‍රාමාත්‍යතුමිය,

“පසුගිය කාලය පුරාම තරුණ සම්මේලනයේ කාන්තා නියෝජනය බොහෝම අඩුවෙන් තිබුණේ. මේ වසරේ ඒක වෙනස්වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඇති වුණු එම වෙනස දැන් හැම ක්ෂේත්‍රයකම ඇතිවෙමින් තියෙනවා. ඒ අනුව, ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි වෙලා තියෙනවා.

තාරුණ්‍ය පිළිබඳ ඉතිහාසය සොයා බැලීමේදී ගොඩක් අසන්නට ලැබෙන්නේ තරුණ ප්‍රචණ්ඩත්වය, තරුණ අසහනය සහ තරුණ මරණ පිළිබඳවයි.

ඒත් දැන් එම තත්ත්වයෙන් වෙනස් වුණ, තාරුණ්‍ය ගැන ලංකාවට අලුත් කතාවක් අවශ්‍යයි. ඒ සඳහා ඔබට මේ ලැබිලා තියෙන්නෙ සුවිශේෂී අවස්ථාවක් වගේම වගකීමක්” යැයි ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

මෙහිදී තාරුණ සම්මේලනයේ නියෝජිතයින් 52 දෙනා වෙත සමරු තිළිණ පිරි නැමීම ද සිදු විය.

මෙම අවස්ථාවට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න , නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, තරුණ කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, තාරුණ්‍ය සඳහා වන සංසදය අධ්‍යක්ෂ ජනරල්, නීතීඥ සුපුන් විජේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සහ තාරුණ සම්මෙල්නයෙහි සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬