රාජ්‍ය ආයතන තුළ භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම කිරීමට උපදෙස්
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ වත්මන් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
Admin User
Author
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම උදෙසා වන උපාය මාර්ගික රාමුව යාවත්කාලීන කිරීම පිළිබඳ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලෆ්ෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පැවැත්විණ.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමේදී මෙහි සාකච්ඡාවට ලක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුලත්කිරීම, වාර්ෂිකව භාෂා විගණනයක් සිදුකිරිම, සහ ජාතික පරිවර්තක අධිකාරියක් පිහිටුවීම, වැනි කාර්යයන් කෙරෙහි අවධානය යොමුකරමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්පාදනය කළ යුතු බවට නියෝජ්‍ය අමාත්‍යය මුනීර් මුලෆ්ෆර් මහතා විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදෙන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා..
“භාෂා කිහිපයක් ඉගෙනගැනීමෙන් විවිධ ජාතීන්ගේ සංස්කෘතීන් සහ හැගීම් තේරුම් ගැනීමට මට හැකිවුණා. ඒ අනුව ලාංකීය ජනසමාජයට නිරවුල්ව ආමන්ත්‍රණය කිරීමට හැකිවීම නිසා ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාති භේදයකින් තොරව ඡන්දය ලබාදීලා මට ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කළා. එමනිසා ශ්‍රී ලංකාවේ ජාතික භාෂා ප්‍රතිපත්තිය අතිශයින් වැදගත් වන්නේ එය බහු-වාර්ගික සහ බහු භාෂා සමාජයක එකමුතුකම, සමානාත්මතාවය සහ ඒකාබද්ධතාවයට සෘජුවම බලපාන නිසයි. ඒ වගේම රාජ්‍ය මහජන සේවය, ලේඛන සහ සන්නිවේදනය ජාතික භාෂා දෙකෙන්ම ලබා ගත හැකි නම් පුරවැසියන්ට රජය සමඟ වඩාත් පූර්ණ ලෙස සම්බන්ධ වන්නට පුළුවන්. එවිට පරිපාලනය වැනි ක්ෂේත්‍රවල වෙනස්කම් කිරීම වළක්වනවා. එමෙන්ම විවිධ ජනවාර්ගික හා සංස්කෘතික කණ්ඩායම් අතර හැගීම් තේරුම්ගැනීමටත් භාෂාව සහයෝගීතාවයේ පාලමක් ද වෙනවා. ඒ නිසා අපි රාජ්‍ය භාෂා සමානව පිළිගැනීම ප්‍රවර්ධනය කිරීමෙන් ජාතින් අතර විශ්වාසය ශක්තිමත් කරන වඩාත් සාමකාමී නිදහස් සමාජයක් ගොඩනැගීම අරමුණක් කරගත යුතුයි. “
මෙම සාකච්ඡාව සඳහා අතිරේක ලේකම් (ජාතික ඒකාබද්ධතා) කේ. මහේෂන්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් , රාජ්‍ය භාෂා කොමිෂන් සභා සභාපති, ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සභාපති, භාෂා අංශයේ නිලධාරීන් සහ එකී ආයතනවල සෙසු නිලධාරීන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි විය.