News August 18, 2025 • 6 months ago

මේ වසරේ ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.5 සීමාව ඉක්මවයි

2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 1.5ක ප්‍රමාණයක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

A

Admin User

Author

මේ වසරේ ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.5 සීමාව ඉක්මවයි
2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 1.5ක ප්‍රමාණයක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබුනේ අසල්වැසි රටවන ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 307502කි.

අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් මෙරටට සංචරකියින් 130000කට අසන්න සංඛ්‍යාවක් පැමිණ ඇති අතර ඉන් 29000කට අසන්න ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

මේ අතර සංචාරකයින් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර ඇත.

මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂ්‍රේත්‍රයේ සියලුම පාර්ෂවයන්ට මෙන් ම සංචාරකයන්ට අමාත්‍යවරයා ස්තූතිය ද පළ කර තිබේ.

මීට අමතරව අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 150000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙන අතර අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයින් අතර පිළිවෙලින් ඉන්දී, බ්‍රිතාන්‍යය, රැසියානු, ජර්මන් සහ චීන ජාතිකයින් ඉදිරියෙන් සිටි.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬