News
August 18, 2025 • 3 months ago
මේ වසරේ ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.5 සීමාව ඉක්මවයි
2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 1.5ක ප්‍රමාණයක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
A
Admin User
Author
2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 1.5ක ප්‍රමාණයක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබුනේ අසල්වැසි රටවන ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 307502කි.
අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් මෙරටට සංචරකියින් 130000කට අසන්න සංඛ්‍යාවක් පැමිණ ඇති අතර ඉන් 29000කට අසන්න ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
මේ අතර සංචාරකයින් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර ඇත.
මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂ්‍රේත්‍රයේ සියලුම පාර්ෂවයන්ට මෙන් ම සංචාරකයන්ට අමාත්‍යවරයා ස්තූතිය ද පළ කර තිබේ.
මීට අමතරව අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 150000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙන අතර අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයින් අතර පිළිවෙලින් ඉන්දී, බ්‍රිතාන්‍යය, රැසියානු, ජර්මන් සහ චීන ජාතිකයින් ඉදිරියෙන් සිටි.

Tags
##Srilanka #mingirisNews