News August 18, 2025 • 6 months ago

ගුවන් මගී සමඟ කටුනායකට එන අමුත්තන්ට විශේෂ නිවේදනයක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කාර්යය බහුල දින සහ වේලාවලදී , ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සදහා,

A

Admin User

Author

ගුවන් මගී සමඟ කටුනායකට එන අමුත්තන්ට විශේෂ නිවේදනයක්
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කාර්යය බහුල දින සහ වේලාවලදී , ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සදහා, පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත පිවිසීම අත්හිටුවීමට ගුවන් තොටුපොළ තීරණය කර ඇති බව අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

ඒ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින වල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාළය තුළ කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත අමුත්තන්ට ඇතුළු වීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

පසුගිය දිනවල කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාත්‍රී කාළයේ ගුවන් මගීන් සහ ගුවන් තොටුපොළ භාවිතා කරන්නන් අධික තදබදයකට ලක් වීම නිසා අපහසුතා ඇති වී තිබුණි.

ඒ අනුව ගුවන් යානා වැඩි වශයෙන් පිටත්වන බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින වල රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ඇති වන තදබදය අවම කර ගුවන් මගීන් සහ ගුවන් තොටුපොළ භාවිතා කරන්නන් වෙත කාර්යක්ෂම , සුමට සේවාවක් සැපයීම සදහා මෙම තීරණය ගුවන් තොටුපොළ විසින් ගෙන තිබේ.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬