News
August 16, 2025 • 3 months ago
ෆරීනා ලායි
ඩේන් එන්සි ෆරීනා හාති, සිනමාවට එක්වෙන්නේ නර්තන ශිල්පිනියක් විදිහට ය. ඒ යුගයේ සිනමාවේ පැවැති අවශ්‍යතම අංගයක් වූ අඩනිරුවත් නර්තනයක්
A
Admin User
Author
යුගයක් වසඟයට ගත්
ෆරීනා ලායි නර්තනය
--------------------------------------
ඩේන් එන්සි ෆරීනා හාති, සිනමාවට එක්වෙන්නේ නර්තන ශිල්පිනියක් විදිහට ය. ඒ යුගයේ සිනමාවේ පැවැති අවශ්‍යතම අංගයක් වූ අඩනිරුවත් නර්තනයක් ඇතුළත් සමාජශාලා දර්ශනය සඳහා , ඇගෙන් වෙනස්ම සහ ඉතා දියුණු නර්තනයක් නරඹන්න ප්‍රේක්ෂකාගාරයට හැකියාව ලැබිණි. සිංහල සිනමාවේ ගිනි සිළුවක් වූ ඩේන් එන්සි, ෆරීනා ලායි නමින් ජනප්‍රියත්වයට පත්විය. එවකට, ඉන්දීය සිනමාවේ සිනමා නර්තනයෙන් හිනි පෙත්තේ සිටි හෙලන් නම් ශිල්පිනියව, ෆරීනාව සමකෙරිණි. ඇය , ඒ යුගයේ සමකාලීන ශිල්පිනියන්ට වඩා නර්තනයෙදී ඉදිරියෙන් සිටියාය. ඈ පෙනී සිටින , ගීතයක දී හෝ නර්තනයක දී සෑම රූප රාමුවක
ම වූයේ නර්තනයකි. ෆරීනා ලායි , සිනමාවට පැමිණීමට ප්‍රථම රාත්‍රී සමාජශාලාවල නර්තනය ශිල්පිනියක් ලෙස තම වෘත්තීය ජීවිතය ගතකළ බැව් ප්‍රකටය.
ඕ ඉස්ලාම් ආගම ඇදහූ කාන්තාවකි. එහි වූ දැඩි ආගම්වාදී බව, සමාජයෙන් පැමිණි දෝෂාරෝපණය හමුවේ නොසැලෙමින් ෆරීනා තම සිනමා ගමනේ ඉදිරිය ගැන සිතීය. ඇය බස්නාහිර පළාතේ පදිංචිකාරියකි. 1952 වසරේ උපන්නියකි.
ෆරීනා ලායි, මෙරට සිනමාවේ පෙලහර පෑ සිනමාපට අතර ඔහොම හොඳද, සුජීවා, ලොකුම හිනාව, සදහටම ඔබ මගේ, හොඳයි - නරකයි, දාහකින් එකෙක්, දිනුම් කණුව, දුප්පතාගේ හිතවතා, ළසඳා, සැනකෙළිය, සූකිරි කෙල්ල, සංගීතා, දියමන්ති, නිල්ල සොයා, චිං චිං නෝනා, ටොම්පචයා, සිරිපතුල, අප්සරා, මිනිස්සුන් අතර මිනිහෙක්, පොඩි මල්ලී, සරුංගලය, මල් නැකුළු, උතුමාණනි , තවලම, චංචල රේඛා, නිළියකට පෙම්කළෙමි, රතුමකරා, ආදර කතාව, සීමා පවුරු දැක්විය හැක. බොහෝවිට ඇය මේ නිර්මාණවලට දායක වූයේ නර්තනය පමණක් සඳහාය. නොඑසේ නම් සුළු භූමිකාවලටය. ඒ අතර උප ප්‍රධාන චරිත ද තිබිණි. මේ සිනමාපට අතරින් ඇයට ප්‍රධාන චරිත ලැබුණේ සිනමාපට කිහිපයකට පමණි. ඇතැම් චරිත කළුය. ඇතැම් ඒවා පෙනී සිටීමක් පමණි. මුල් කාලයේ, ප්‍රේක්ෂකයන් සිනමා ශාලා කරා පැමිණියේ ද ඇයගේ නර්තනය දැකීමට බැව් ප්‍රකට ය.
ඒ යුගයේ බොහෝ රංගන ශිල්පීන් , ශිල්පිනියන් සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ, රංගනය හැදෑරීමෙන් හෝ ඒ ගැන දැනුවත්භාවයකින් තොරවය. ඒ සඳහා එවකට රංගනය පුහුණුවන ස්ථාන නොතිබුණු තරම්ය. සිනමාවට පැමිණෙන ඇතැම් ශිල්පීන් වේදිකා නාට්‍ය කලාව හරහා පැමිණි අතර ඇතැම් ශිල්පීන් සිනමාවට පැමිණි පසු රංගනය ගැන අවබෝධ කරගත්හ. ෆරීනා ලායි ද ක්ෂේත්‍රයට පැමිණි පසු සිනමාව සහ එහි රංගනය ගැන අවබෝධකරගත් තැනැත්තියකි. ඒ සඳහා ඇයට පහසුවක් වූයේ ශරීරය නම්‍යශීලී කළ නර්තනය වේ. ඒ අතර ජීවිත අත්දැකීම්, සමාජ ඇසුර, සිනමාවේ ප්‍රවීණයන්ගේ ඇසුර ඔස්සේ ඇය තම සිනමා ගමන හෙළිපෙහෙළි කරගත් රංගන ශිල්පිනියකි. රාත්‍රී සමාජශාලාවල නර්තනයේ යෙදුණු නාටිකාංගනාවකගේ භූමිකාවෙන් ඉවත්ව උප ප්‍රධාන චරිත හරහා ප්‍රධාන චරිත කරා ෆරීනාට ගමන් කිරීමට බොහෝ විට ප්‍රවීණ රංගධර ගාමිණී ෆොන්සේකා හේතු වූ බැව් ප්‍රකට ය.
පොඩි මල්ලි, සරුංගලය, උතුමාණනි , සීමා පවුරු, ආදරකතාව, මල් කැකුළු වැනි සිනමාපටවල ඇගේ රංගන කෞෂල්‍යය කැපී පෙනුණි.
1980 වසරේ සරසවි සිනමා සම්මාන උළලේ හොඳම සහාය නිළිය වූයේ ෆරීනා ලායි ය. ඒ "සරුංගලය", සිනමාපටයේ රංගනය වෙනුවෙනි. එම වසරේ පැවැති OCIC සිනමා උළලේ දී ද එකී රංගනය වෙනුවෙන්, සජීවි කුසලතා සහභාගිත්වය වෙනුවෙන් ඇය ඇගයීමට පාත්‍ර විය. 1980 වසරේ ජනාධිපති සිනමා සම්මාන උළලේ දී "සරුංගලය" සඳහා කුසලතාවකට ද ෆරීනා ලායි හිමිකම් කීය.
1981 වසරේදී ඇයට, "උතුමාණනි" සිනමාපටයේ රංගනය වෙනුවෙන් ජනාධිපති සිනමා සම්මාන උළලේ දී කුසලතාවක් ද, 1982 වසරේ ජනාධිපති සිනමා සම්මාන උළලේ දී "තවලම" සිනමාපටයේ රංගනය වෙනුවෙන් කුසලතා ඇගයුමකට ද හිමිකම් කීය.
එක් යුගයක මායාමය සිනමාවේ දී, ප්‍රේක්ෂකයන් තම වසඟයට ගත් ෆරීනා ලායි නම් රංගන ශිල්පිනියට ප්‍රේක්ෂක ඔබගේ ආචාරය හිමිවිය යුතුම ය.
අනුසාර | ✒️
උපුටා ගැනිමකී ........ ..
(මෙලෙස සදහන් ව තිබිණි )

Tags
##Srilanka #mingirisNews #worldnews