යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ කුමන චෝදනා යටතේ ද?
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අද (ජූලි 2) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබිණි.
Admin User
Author
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේදී මෙම අධිචෝදනා භාර දීම සිදුවිය.
ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද විනිසුරුවරයා නියම කළේ ය. පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙස ද විනිසුරුවරයා නියම කළේ ය.
මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක්
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වන දා කැඳවීමට නියමිත බව සඳහන් කළේ ය.
එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද අධිකරණය හමුවේ පැවසීය.