News July 7, 2025 • 8 months ago

යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ කුමන චෝදනා යටතේ ද?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අද (ජූලි 2) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබිණි.

A

Admin User

Author

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේදී මෙම අධිචෝදනා භාර දීම සිදුවිය.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද විනිසුරුවරයා නියම කළේ ය. පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙස ද විනිසුරුවරයා නියම කළේ ය.

මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක්
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වන දා කැඳවීමට නියමිත බව සඳහන් කළේ ය.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද අධිකරණය හමුවේ පැවසීය.

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬