News August 13, 2025 • 3 months ago

නොයනා හිරු රැසසිඳු ගැබ , පතුලත අගනා මිණි රැස අඳුරෙම සැඟවෙත

මෙම දීර්ඝ දේශනය කළ කන්නන්ගර මහතා අවසන්කළේ රෝම අධිරාජ්‍යවාදියෙකු වූ ඕගස්ටස්ගේ කියමනක් අනුසාරයෙනි. එනම්...

A

Admin User

Author

නොයනා හිරු රැසසිඳු ගැබ , පතුලත අගනා මිණි රැස අඳුරෙම සැඟවෙත
💢 1944 මැයි 30 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සම්බන්ධ විවාදය ආරම්භ විය.

👉 ජුනි මස 16 වැනිදා C..W.W. කන්නන්ගර මහතා සිය අනුවේදනීය කතාව සිදුකළේය.

"........බක මුහුණු දහවල් - නොදකී කවුඩු රෑ කල්
නුනුවණ දන සියල් - දොසිත් නොදකී දිවා රෑ කල්"

ඉංග්‍රීසි ජාතිකයෙකුගේ කවියක්ද අන්තුරුව එහි සිංහල අදහසද ඉදිරිපත් කළේ මෙසේය.

"නොයනා හිරු රැසසිඳු ගැබ පතුලත
අගනා මිණි රැස අඳුරෙම සැඟවෙත
පිපෙනා වනයෙහි කුසුමන් නිමනැත
හමනා සුළඟින් වනයෙම පරවෙත"

මෙම දීර්ඝ දේශනය කළ කන්නන්ගර මහතා අවසන්කළේ රෝම අධිරාජ්‍යවාදියෙකු වූ ඕගස්ටස්ගේ කියමනක් අනුසාරයෙනි. එනම්...

තමා රෝමයට එනවිට තිබුණේ ගඩොලින් බැඳි නගරයක් බවත් තමා යනවිට තිබෙන්නේ කිරිගරුඬින් නිමවූ නගරයක් බවත් ඕගස්ටස් ප්‍රකාශකළ ආකාරයටම අප එනවිට තිබුණු මිල අධික අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනය අඩු මිලකට පත්කළා. සීල් තබන ලද පොතක් මෙන් තිබුණු අධ්‍යාපනය දුප්පතුන්ගේ දායාදයක් බවට පත්කළා යයි උදම් අනන්නට මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකිවුවහොත් එය කොතරම් ශ්‍රේෂ්ඨ දැයි විමසා සිටිමිනි.
ඔහුගේ කතාවට උණුසුම් ප්‍රතිචාර හිමිවිය.

👉කතාව අසා සිටි මේ විවාදයට සවන්දීමට පැමිණ සිටි ඉන්දීය ආණ්ඩුවේ නියෝජිත එම්.එස්.අනේ විශේෂ අමුත්තන්ගේ ගැලරියෙන් බැස පැමිණ කන්නන්ගර මහතාට අතට අත දී ආචාරකරන ලදී.

👉කතාව අවසන් කරනවාත් සමඟ නැගීසිටි සභානායක ඩී.එස්.සේනානායක විවාදය ජුලි 18 දක්වා කල්දැමීමට යෝජනාකරන ලදී. ඊට බලවත් විරෝධයක් සභාවෙන් මතුවූ අතර ජුලි 11 විවාදය ඇරඹීමට තීරණයවිය.මෙම විවාදය මාස 15 ක් පුරා පැවැත්වුණි.සංශෝධන 51 ක් ඉදිරිපත් විය.

👉1945 ජුනි 06 ඡන්ද විමසීම පැවති අතර එය වැඩි ඡන්දයෙන් සම්මත විය.
😡 ඩී.එස්.සේනානායක
😡ජෝන් කොතලාවල හා
😡 ඒ.එෆ්.මොලමුරේ යන ප්‍රබලයින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශකළේය.

👉පුදුමයට කාරණය නම් 1947 පැවැත්වූ මැතිවරණයේදී ඩී.එස්.සේනානායක මහතා මේ රටේ අගමැති ලෙස ජනතාව තෝරා ගැනීමයි.

😥ධනේෂ්වර මැතිවරණ ගැනත් ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් අගනා පාඩමක් ඒ තුළ අඩංගු වේ.

👉එසේම නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මකවී පාසල් සිසුන්ට නොමිළේ පෙළ පොත් ලබාදෙන විට ඩී.එස්.සේනානායක මහතා හඳුන්වා තිබුණේ "ජාතියේ පියා" ලෙසය. එහෙත් ඔහු "නිදහස් අධ්‍යාපනයේ පියා" ලෙස නම් ලද කන්නන්ගර මහතා ඉදිරිපත්කළ නිදහස් අධ්‍යාපන යෝජනාවලියට විරුද්ධ වූ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වී විශිෂඨ ජයග්‍රහණයක් ලැබීය.
😥මතුගම ආසනයේ එජාප අපේක්ෂක කන්නන්ගර මහතා පරාජයට පත්විය.
මතු පරපුරට මෙතරම් සේවයක් කළද ජනතාවට ඔහුගේ අගය වටහාගැනීමට නොහැකි විය.

මැතිවරණ ව්‍යාපාරය තුළ එජාපය ඔහුට සහය නොදුන් බවත් සේනානායක මහතා ඔහුගේ රැස්වීම්වලට නොපැමිණි බවත් කන්නන්ගර මහතා පසුව කියා තිබුණි.

👉එජාප ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති ලෙස පත්කළ යුතුව තිබුණේ කන්නන්ගර මහතා සමඟ දිගටම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූ ඒ. රත්නායක වුවත් නායකත්වය විසින් පත්කරනු ලැබුවේ ඊ.
ඒ. නුගවෙලයි.

👉1952 මැතිවරණයෙන් අගලවත්ත ආසනයට ඉදිරිපත් වී කන්නන්ගර මහතා පාර්ලිමේන්තුවට පැමිණියද ඔහුට අධ්‍යාපන ඇමතිකම ලැබුණේ නැත. ඊට පත්වූයේ එම්.ඩී.බණ්ඩාය. එවකට අගමැති වූ ඩඩ්ලි සේනානායක මහතාද නිදහස් අධ්‍යාපනයේ පුරෝගාමියාගේ ගමනට බාධාකළේ එවකට පැවති ධනවාදී ආකල්ප හිසේ ලාගෙන බැව් පැහැදිලිය.

😡 1953 දී පාසල් සිසු සිසුවියන්ට ලබාදුන් ආහාර නතරකිරීමට තීන්දු කළේය.
👉 53 හර්තාලයටද මෙය ප්‍රබල හේතුවක් විය.එවකට ලංකා විශ්වවිද්‍යාලය ( පේරාදෙණිය සිසුන්) ද ඊට සහය දැක්වීය. අධ්‍යාපනයේ සැබෑ නියමුවාගේ ග්‍රහණයෙන් මිදුන නිදහස් අධ්‍යාපනය අවසන කිරීමේ අඳුරු සෙවනැලි ශිෂ්‍ය අරගලය දක්වා දුරදිග ගියේ කන්නන්ගර නම් සැබෑ ජනහිතකාමී චරිතය නැති අඩුව සැවොටම පසක් කරමිනි.

👉1884 ඔක්තොම්බර් 13 අම්බලන්ගොඩ රන්දොඹ දී උපත ලැබූ මේ යුග පුරුෂයා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකු විය.ධනේශ්වර පංතියට පමණක් උරුමව තිබූ අධ්‍යාපනය දුගී පැළටද ගෙන ආ මේ උතුම් මිනිසා 1965 දී දිවි මඩලින් සමුගත්තේය.

ගාමීනී වැන්දකෝන්

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬