උඹ පණ්ඩිතයෙක් වෙන්න එපා -කලිඳු කරැනාරත්න
පන්නයේ Comments ටිකක් මේ Video එකේ දැක්ක නිසා මට තේරුම්ගිය කරුණු ගොඩක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් Comments වලට ප්‍රතිචාර දක්වන්නේ නැති නිසා ඒක ගැටලුවක් නැහැ!
Admin User
Author
පන්නයේ Comments ටිකක් මේ Video එකේ දැක්ක නිසා මට තේරුම්ගිය කරුණු ගොඩක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් Comments වලට ප්‍රතිචාර දක්වන්නේ නැති නිසා ඒක ගැටලුවක් නැහැ!
නමුත් සතියකට කලින් විදුලිබල පනතට වුණු සංශෝධන රටේ අනාගතයට ඉතාම තීරණාත්මකයි. ඒ නිසා මේ Clip එක අද share කරන එක වැදගත් කියලා මට පෞද්ගලිකව හිතෙනවා!
•මම “ඉන්ජිනේරු බලශක්ති අමාත්‍යවරයාගෙන්” ඔහුගේ විශය ගැන පොඩ්ඩක්වත් ප්‍රශ්න කළේ නැහැ. ( ඔහුගේ විශය ගැන ප්‍රශ්න ඇහුවත් එහි වරදක් නැහැ, හැබැයි මම මෙතනදි අහන්නේ නැහැ)
•මම ඇහුවේ සරල නැති වුණත්, රටේ විදුලි පිරිවැය අඩුකරලා ජනතාවගේ විදුලි බිල අඩුකරගන්න අදාළ වැදගත්ම ප්‍රශ්නයක්! රටේ විදුලි පිරිවැය අඩුකරගනිද්දී එක් වැදගත් අංගයක් ලෙස පුනර්ජනනීය බලශක්තිය ඇතුළු තවත් ප්‍රභව ජනනය කරන විදුලිය සාර්ථකව පද්ධතියට ඇතුලු කරගන්නනම් “සම්ප්‍රේෂණ පද්ධති නවීකරණයක් (System Upgrade)” අත්‍යාවශය වී ඇති බව කරුණු පොඩ්ඩක් හරි දන්න සියලු දෙනා පිලිගන්නවා.
* මම ඇහුවේ “ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සඳහා ඉදිරි වසර 8තුල ඩොලර් බිලියන 5ක මුදලක් අවශ්‍ය බව ආණ්ඩුවම කියන පසුබිමක” නව විදුලි බල පනතේ සංශෝධන හරහා සම්ප්‍රේෂණය 100% Transco එක හරහා ආණ්ඩුව සිදුකරන වටපිටාව තුළ ඩොලර් බිලියන 5ක් හොයාගන්නේ කොහොමද කියලයි.
* 100% රජයට අයත් Transco සමාගමට පෞද්ගලික අංශයෙන් මෙවැනි දැවැන්ත ආයෝජනයක් ලැබීම ප්‍රායෝගිකද ? කියලා මම ප්‍රශ්න කළා.
* ADB,WB,Jaica පසුගිය වසර 8තුළ ලබාදී ඇති ව්‍යාපෘති ණය ඩොලර් බිලියනය නොඉක්මවන දත්තය තුළ, මම ප්‍රශ්න ඇහුවා!
* අපේ ණය ශ්‍රේණිගත කිරීම් සහ, Public Debt Management Act එකේ ක්‍රමවේදයට අනුව එපමණ මුදලක් ජාත්‍යන්තර ණය දෙන ආයතනවලින් ණයට ගැනීමට තියෙන ප්‍රායෝගික නොවන තත්වය මම ප්‍රශ්න කළා.
* ඩොලර් මිලියන 50ක ණය මුදලක් AIIB හෙවත් Asian Infrastructure Investment Bank එකෙන් ලබාගන්න CEB එක උත්සහ කළ වෙලාවේ Treasury Guarantee එකක් ලබාදෙන්න කරපු Risk Assessment එකේදී ණය ගන්න පොලියට අමතරව 4.8%ක Risk Premium එකක් ගෙවන්න කියලා තිබුණ පසුබිම මත ඉහළ පොලියට ඩොලර් බිලියන ගණනක ණය මුදලක් ගන්නේ කොහොමද කියලා ප්‍රශ්න කළා.
* එහෙම ගත්තා කියමුකෝ. කොහොමද Tariff එකෙන් මහජනතාවට බර නොදී ණය ආපසු ගෙවන්නේ කියලා මම ප්‍රශ්න කළා.
* 2032 වෙද්දී දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව 95%ක ප්‍රතිශතයක රටේ ණය බර තබාගතයුතු පසුබිමක ණය ගත හැකිද කියලා මම ඇහුවා.
* “100% රජය සතුවීම පමණක්” ජනතා ජයග්‍රහණයක් නොවනු ඇති බවටත් මේ නවීකරණයන් සිදුනොවුණොත් තිරසාර ලෙස පිරිවැය අඩුකිරීමේ අපහසුතාවය ගැන මම ප්‍රශ්න ඇහුවා.
* “අපි කොහොමහරි හොයාගන්නම්” පිළිතුරෙන් සෑහිමකට පත්විය නොහැකියැයි විශ්වාස කළ නිසා ප්‍රශ්න කළා.
මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් කරන්න මාධ්‍යවේදියෙක් දවස් ගණනාවක් ඉදන් Facts සහ Numbers එක්ක Background study එකක් කරනවා. ඔලුවේ හැදෙන ප්‍රශ්න ගොන්නකින් අහන්න ඕනෙමයි කියලා හිතෙන ප්‍රශ්න සූදානම් කරගන්නවා. ආරාධිතයා කියන කරුණුවලට හරස් ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා! ඉස්සරහා ඉදගන්න ආරාධිතයා ආචාර්ය, මහාචාර්ය, නීතීඥ, ඉන්ජිනේරු කුවුරු වුණත් “කටවහගෙන අහගෙන හිටපන්” උපදෙස පිළිඅරන් මගේ රාජකාරිය කරන්න බැහැ! හරස් ප්‍රශ්න විමසන අවස්ථාවලදී ඉක්මනින් සමහර සංවාද සිදුවුණත් ආරාධිතයාගේ ස්ථාවරය පැහැදිළිව කාලය ගෙන ඉදිරිපත් කරන්න 360 වැඩසටහන අතර සාධාරණ කාලයක් ලැබෙනවා.
අහගෙන විතරක් ඉඳලා සම්මුඛ සාකච්චාවක් කරන්නත් බැහැ, ප්‍රශ්න අහලා විතරක් සම්මුඛ සාකච්ඡාවක් කරන්නත් බැහැ! 😊
_කලිඳු කරැනාරත්න_