ලංකාවේ කංසා වගාවට විදේශ ආයෝජකයන් හත් දෙනෙකුට අවසර
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් රජය විසින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වරට විදේශීය ආයෝජකයන්ට දැඩි කොන්දේසි යටතේ නීත්‍යානුකූලව කංසා වගා කිරීමට අවසර ලබා දී තිබේ.
Admin User
Author
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් රජය විසින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වරට විදේශීය ආයෝජකයන්ට දැඩි කොන්දේසි යටතේ නීත්‍යානුකූලව කංසා වගා කිරීමට අවසර ලබා දී තිබේ.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් අධීක්ෂණය කෙරෙන අතර, එහි මූලික අරමුණ වන්නේ කංසා ඇසුරෙන් ඖෂධ නිෂ්පාදනය හා පර්යේෂණ කටයුතු සඳහා පමණක් යොදාගන්නා නිෂ්පාදන අපනයනය කිරීම තුළින් රටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගැනීමයි.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් 37ක් අතරින් සුදුසුකම් සපුරාලූ විදේශීය ආයෝජකයන් 7 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඔවුන්ට මූලික වශයෙන් මාස 6ක තාවකාලික බලපත්‍රයක් නිකුත් කර තිබේ. මෙම කාලසීමාව තුළ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය අනුව ඉදිරියේදී වගා කාලය දීර්ඝ කිරීමට නියමිතය.
ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා එක් ආයෝජකයකු විසින් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක මූලික ආයෝජනයක් සිදු කළ යුතු වන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 2ක බැඳුම්කරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කිරීම අනිවාර්ය වේ.
මිරිගම ප්‍රදේශයේ පිහිටි අක්කර 64ක භූමි ප්‍රමාණයක් මෙම වගාවන් සඳහා වෙන්කර ඇත. මෙම වගාවන් සිදු කළ යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින නීති රෙගුලාසිවලට අනුකූලව දැඩි ආරක්ෂිත විධිවිධාන යටතේය.
ඒ අනුව, වගා බිම වටා ශක්තිමත් ආරක්ෂිත වැටක් Read More>> trendingsrilanka.lk/kansa/