News July 7, 2025 • 8 months ago

යළිත් කරළියට එන 'සිරිලිය' ගිණුම යනු කුමක් ද? ශිරන්ති රාජපක්ෂ සහ 'සිරිලිය' අතර සම්බන්ධය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුම් වාර්තා නැවතත් කතාබහට ලක්වෙමින් තිබේ.

A

Admin User

Author

යළිත් කරළියට එන 'සිරිලිය' ගිණුම යනු කුමක් ද? ශිරන්ති රාජපක්ෂ සහ 'සිරිලිය' අතර සම්බන්ධය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුම් වාර්තා නැවතත් කතාබහට ලක්වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ද පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව ශිරන්ති රාජපක්ෂ විසින් 'සිරිලිය සවිය' නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යාම මෙන්න අහගන්න. ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සැකකටයුතු ගිණුමක් පවත්වාගෙන යයි. අර ලෝක ප්‍රසිද්ධ සිරිලිය ගිණුම. දැනට මෙම ගිණුම ව්‍යාජ ගිණුමක් බව සනාථ වී ඇත. ගිණුමේ මැන්ඩේට් පත්‍රය [අයැදුම්පත] බැංකුවෙන් අස්ථානගත වී ඇත. ගිණුමක් විවෘත කරලා මැන්ඩේට් පත්‍රය අස්ථානගත කරලා. කවු ද කරේ? ඒවා අපි හොයනවා," ඔහු පැවසුවේ ය.

'අපි වෙනුවෙන් අපි' අරමුදල අවභාවිත කළ හැටි විගණන වාර්තාවෙන් හෙළි වෙයි
යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ කුමන චෝදනා යටතේ ද?
විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසූ අතර, මෙම ප්‍රශ්නගත ගිණුමේ මේ වන විට ගිණුම් ශේෂය රු. මිලියන 43ක් බව ද පැවසීය.

"කොළඹ 10, ඩාර්ලි පාර, මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් නීත්‍යනුකූලව ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නොකර 2006.11.14 දිනැතිව අංක 143-1-001-4-6235069 යනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. දැනට මෙම ගිණුමේ ගනුදෙනු අත්හිටුවා ඇති අතර, මේ වන විට ගිණුමේ ශේෂය රු. මිලියන 43කි. කවු ද අත්හිටෙව්වේ? අපි ඒවා හොයනවා."

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬