News August 13, 2025 • 3 months ago

"හොන්ඩා" HONDA

1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාවට ගියා...

A

Admin User

Author

"හොන්ඩා" HONDA
1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාවට ගියා.

හැබයි ගරාජයේ හිමිකරු ඔහුට දුන්න රැකියාව තමා ඔහුගේ දරුවා බලාගැනීම. ඔහු කලේ දරුවාව පිටේ එල්ලාගෙන මුලු ගරාජය පුරාම ඇවිද්දා.. එහි වෙන වැඩ හොඳ අවධානයකින් බැලුවා.

තරුණ වයසෙදි ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කොම්පැනියක් වුන ටොයෝටා සමාගමේ මිකෑනික් වරයෙක් විදිහට බැඳුනා.කාලය ගතවුනා. ඔහු දැන් ඉතා දක්ෂ මිකෑනික් වරයෙක්.
ඔහුත් අනික් මිකෑනික් වරුන් ට වඩා වෙනස්. අනික් අයගේ සිහිනය වුනේ කොහොම හරි ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ මිකෑනික් වරයෙක් වීම.
ඒ අපේ මේ කොලුවා ඔවුන්ගෙන් වෙනස් වුනේ ඔහු දැකපු සිහිනයයි.
ඒ ඔහුගේම මෝටර් රථ සමාගමක් නිර්මාණය කිරීමයි.

ඉතින් තමාගේ ම මෝටර් රථයක් නිපදවන්න සිහින දැකපු මේ තරුණයාට ටොයෝටා සමාගම අදාල පරීක්ෂණ කටයුතු කරන්න ඉඩ දුන්නා. හැබයි ඒකට වැයවෙන මුදල් සේරම කොලුවා විසින් දැරිය යුතුයි. ඉතින් ඔහු කෙතරම් මේ සඳහා මුදල් වැය කෙරුවාද කීවොත් බෝඩිමට සමුදී ගරාජයේ බංකුවක් මත නිදාගත්තා.
මේ විදිහට ඔහු අවුරුදු දෙකක් බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගෙ සිහින රථය ඉලිදක්වන්න.එහි ප්‍රථිපලය සිහින මෝටර් රථය එලිදැක්වීම.
ඒත් ටොයෝටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ශේප කරා.

කතාව ඉවර කරන්න කලින් ප්‍රශ්නයක් අහන්නද
ඔබ ඔහු නම් කුමක් කරයිද?

ඔහු නැවතත් තමන්ගේ පරීක්ෂණ කටයුතු ගෙන ගියා. බංකුව මත තවත් අවුරුදු කීපයක් නිදාගන්න සිදුවුනා.
අවසානයේ ඒ අඩුපාඩු මගහැරපු ඔහුගේ නව මෝටර් රථය ටොයෝටා සමාගමට ඉදිරිපත්කරා...
සමාගම එය පිලිගත්තා..
කතාව එතනින් නවතින්නෙ නෑ. අවසානයේ ඔහුගේ සිහිනය සැබෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුනා.
ඉතින් කිසිම ආයෝජකයෙක් මේ මෝටර් රථයට ආයෝජනය කරන්න ඉදිරිපත්වුනේ නෑ. ඔහු වසර ගණනාවක් ආයෝජකයින්ට ලිපි ලීවා. අවසානයේ ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත්වුනා.ඔහුගේ නව මෝටර් රථ කම්හල ඉදිවුනා...

සියල්ල සතුටෙන් විසිරගියා කියලාද හිතන්නේ....

නෑ... 1945 දී ඇමරිකාව විසින් ජපානයට හෙලූ බෝම්බ ප්‍රහාරයකින් මේ කර්මාන්ත ශාලාව පොලොවට සමතලා වුනා.මේ වෙනකොට මේ තරුණයා එකතුකල මුදල්... පොදිගැසූ හීන යලිත් දියවුනා. හිටපු තැනටත් අන්තයට වැටුනා.

ඔබ මොහුනම් කුමක් කරයිද..?

ඒත් මොහු කතාව අපිට මෙතනින් නතරකරන්න ඉඩදෙන්නේ නෑ...

මොහු නව නිපැයුම් කරුවෙක්. ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්. ඒ මොහු කල්පනා කලා කොහොමද ආයෙ වැඩේ ගොඩදාන්නෙ කියලා.

ඔහු ආයෙමත් කාර් එක හදන්න ගියේ නෑ, මොකද ඒ වෙනකොට ජපානයේ කාර් මිල ඉතා ඉහලයි. කවුරුවත් ගන්නෙත් නෑ...

ඔහු ඒ හින්දා එයට පිලියමක් ලෙස මෝටර් බයිසිකලයක් නිපදෙව්වා.

1949 දී අශ්වබල 3 ක Dream මෝටර් බයිසිකලය ලොවට බිහිවුනා...

ඒ විතරක් නෙවේ එය මොහුව කෝටිපතියෙකු කලා.
වැඩේ නැගලා ගියා කියලා ඔහු මෝටර් බයිසිකල් මුදලාලි කෙනෙක් වෙලා ආතල් එකේ ඉන්න හිතුවේ නෑ. ආපහු ඔහුගේ සිහින මෝටර් රථය නිපදවන්න තීරණය කරා. මෙවර සියල්ල හොඳින් සිදුවුනා.
අවසානයේ ඔහු නිපදවු මෝටර් රථය ලොව ඉතා ජනප්‍රිය වුනා. ඒ විතරක් නෙවේ අද වනවිට තමන් මිකෑනික් වරයෙක් ලෙස වැඩකරපු ටොයෝටා සමාගම සමග කරට කර සිටින මෝටර් රථ සමාගමක්...
මෙච්චර අමාරු ගමන්ක් පසුකරපු ඒ මෝටර් රථ තමා...

"හොන්ඩා" HONDA

මේ කොලුවාගෙ නම තමා සොයිචිරෝ හොන්ඩා.
අපි දන්නවා මේ හොන්ඩා රථය පදවාගෙන යන ඔබටත් මේ වගේම බාදක වලින් පිරුනු අතීතයක් ඇති. මෙය කියවපු හැමෝටමත් එහෙම ඇති.ඒ බාධක ජයගත්ත අය වෙන්න ඇති.
කියන්න ඕනෙ වුනේ මෙච්චරයි.

බාධක එන එක ඔබට පාලනය කරන්න බෑ..
ඒත් ඔබට පුලුවන් පරාජය වෙන එක පාලනය කරන්න...
Copied

Tags

##Srilanka #mingirisNews #worldnews #news #sinhala #6.30

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬