News August 12, 2025 • 6 months ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC T20 ලීග් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC T20 ලීග් තරගාවලියේ සිව්වන තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා....

A

Admin User

Author

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC T20 ලීග් තරගාවලිය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC T20 ලීග් තරගාවලියේ සිව්වන තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

මෙම තරගය වෙනුවන් SLC Greens කණ්ඩායම සමගින් තරග වැදුනේ SLC Blues කණ්ඩායමයි.

කාසිය වාසිය දිනූ Blues නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි Greens කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස්කිරීමට සමත් වුණා.

නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ කමිදු මෙන්ඩිස් පන්දු 39කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 50ක් ද චාමික කරුණාරත්න පන්දු 30කදී නොදැවුනු ලකුණු 41කින්ද Greens ඉනීම ශක්තිමත් කළා.

පන්දු යැවීමේදී Blues කණ්ඩායම වෙනුවන් අකිල ධනංජය සහ ඩිල්ෂාන් මධුෂංක කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.

ඉල්ලකය හඹායාමට පිටියට පිවිසෙන Blues ඉනීම ලකුණු 86කට සීමා කරන්නට Greens පන්දු බලඇණිය සමත් වුණා.

පන්දුවෙන් දස්කම් පෑ දුෂාන් හේමන්ත ලකුණු 18කට කඩුලු 4ක්ද චාමික කරුණාරත්න ලකුණු 17ට කඩුලු 2ක්ද දවාගැනීමට සමත් වුණා.

මෙම ජයත් සමගින් ක්‍රීඩා කළ තරග 3ම ජයගත් SLC Greens කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් හිමිකරගැනීමට සමත් වුණා.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬