පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගෝගේ පුතා කූඩු ජාවාරමේ දී අත්අඩංගුවට
අද (2025 අගෝස්තු 10) කූඩු ජාවාරමේ යෙදී සිටියදී සැකසහිත පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට
Admin User
Author
අද (2025 අගෝස්තු 10) කූඩු ජාවාරමේ යෙදී සිටියදී සැකසහිත පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, දැනට පොලිසියේ සේවය කරන පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගෝගේ පුතා වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. සතුව තිබූ කූඩු ප්‍රමාණය පිළිබඳ විස්තර දැනට විමර්ශනය වෙමින් පවතී.
අජන්ත රුද්‍රිගෝ, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන කාලයේ, රටපුරා පැවති මහජන අරගල මර්ධනයේදී ආරක්ෂක මෙහෙයුම්වල නායකත්වය දුන් පුද්ගලයෙකු ලෙස හඳුන්වනු ලැබූවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අදම අදාළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර, වැඩිදුර විමර්ශන පොලිසිය සිදු කරයි.