News August 11, 2025 • 4 months ago

අවදානමේ උමතුව

ගොවියෙක් නිතරම කියනව නං, මගෙ වගා පාඩු කරන්න හිතන්නවත් එපා කියලා,

A

Admin User

Author

අවදානමේ උමතුව.
********************
ගොවියෙක් නිතරම කියනව නං, මගෙ වගා පාඩු කරන්න හිතන්නවත් එපා කියලා,

ධීවරයෙක් නිතරම කියනව නං, මාව මුහුදෙ ගිල්ලන්න හිතන්නවත් එපා කියලා,

රියදුරෙක් නිතරම කියනව නං, මාව හප්පන්න හිතන්නවත් එපා කියලා,

වෙළෙන්දෙක් නිතරම කියනව නං, මට පාඩු කරන්න හිතන්නවත් එපා කියලා,

සිසුවෙක් නිතරම කියනව නං, මාව ෆේල් කරන්න හිතන්නවත් එපා කියලා,

ව්‍යාපාරිකයෙක් නිතරම කියනව නං, මට පාඩු කරන්න හිතන්නවත් එපා කියලා,

වෙසඟනක් නිතරම කියනව නං, මාව බඩ කරන්න හිතන්නවත් එපා කියලා,

ක්‍රීඩකයෙක් නිතරම කියනව නං, මාව පරද්දන්න හිතන්නවත් එපා කියලා,

දොස්තරවරයෙක් නිතරම කියනව නං, මට බෙහෙත් වරද්දන්න හිතන්නවත් එපා කියලා,

නීතීඥවරයෙක් නිතරම කියනව නං, මගෙ නඩු පරද්දන්න හිතන්නවත් එපා කියලා,

රා මදින්නෙක් නිතරම කියනව නං, මාව වට්ටන්න හිතන්නවත් එපා කියලා,

හාමුදුරුකෙනෙක් නිතරම කියනව නං, මට බණ වරද්දන්න හිතන්නවත් එපා කියලා,

දේශපාලකයෙක් පත් වුන දවසෙ ඉඳන් කියනව නං, මාව වට්ටන්න හිතන්නවත් එපා කියලා,

තදටම පිස්සු හොඳේ........

යාලුවොවත් එකතු වෙලා එහෙම මිනිස්සුන්ට බෙහෙත් අරන් දෙන්න ඕනෙ.

එක්කෝ මෙහෙම හිතන මට පිස්සු.

©️ අරවින්ද හබක්කල.

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬