News August 11, 2025 • 7 months ago

අනුර කුමාර අවුරුදු ගානක මගේ යාලුවෙක්

ඒ කාලේ තිබුනේ ජේවීපී කියුබන් කයිවාරුව

A

Admin User

Author

අනුර කුමාර අවුරුදු ගානක මගේ යාලුවෙක්
අනුර කුමාර ට……….
අනුර කුමාර අවුරුදු ගානක මගේ යාලුවෙක්. ඔයා අපේ ගෙදරදී, අපි විවිද තැන්වල ගොඩක් හම්බ උනා. අපි එක පාන් කෑල්ල දෙකට කඩලා එක හොදි පිගානේ ගාගෙන කාලා තියනවා. ඒ එකම දේශපාලන අරමුණක් වෙනුවෙන්. මීට වසර දෙක තුණකට කලින් ඔබේ උපන් දිනයට පසු දින මගේ ගෙදර ආවා. මගේ ඔෆිස් කාමරයේ මගේ ගෙදර හිටපු අප්පු හදලා දීපූ කෑම කන ගමන් මම බියර් එකක් ගත්තා. මම ඔබ ගැන දන්න නිසා සොෆ්ට් ඩ්‍රින්ක් එකක් දුන්නා. ඔබ මට කිව්වා “මචන් මම ජනාධිපතිවරණයට ඉල්ලනවා” කියලා. මම ඇහුවා “මචං දැන්ම කල් වැඩි නැද්ද”කියලා. ඔහු මට කිව්වා දැන්ම වැඩේ පටන් ගන්නවා කියලා. මම ඇහුවා උඹලගේ ආර්ථික ප්‍රතිපත්තිය මෙකක්ද. කියුබන්ද.( ඒ කාලේ තිබුනේ ජේවීපී කියුබන් කයිවාරුව නිසා.) උත්තර නැ. ආයේ මම ඇහුවා මේ මැතිවරණ ක්‍රමය උඹලා වෙනස් කරනවද. පිස්සුද මචං මේක තමයි නියම ක්‍රමය කිව්වා. මම එතනදි කිව්වා උදාහරණයනට එදා රත්නසිරි වික්‍රමණායකලා අනිල් මුණසිංහලා හිටපු කලුතර, අමරසිරි දොඩංගොඩලා රිචර්ඩ් පකිරණලා හිටපු ගාල්ලේ අද ඉන්නේ කවුද.එහෙනම් හෙට මේවගේ දේශපාලනයට එන්න ඕන දැන් ඉන්නවට වැඩිය, තමන්ට වැඩිය පහළ අය. එතකොට මේ රටේ දේශපාලනයට මොකද වෙන්නේ. අනුරට උත්තර නැ.මට යාලු කමට හරි අනුරත් එක්ක හිට ගන්න එක හේතුවක් හරි මම හෙව්වා. එහෙම දෙයක් මම දැක්කේ නැ. ඒ අතින් රනිල් වික්‍රමසිංහ කියන්නේ පට්ට නායකයෙක්. එතනදි මම රනිල් තෝරා ගත්ත එක වැරදිද. මංගල මැරෙන්න කලින් දවසක් අපි ඩ්‍රින්ක් එකක් ගද්දි මංගල මට කිව්වා” මට හරිම ආසයි දවසක රනිල් මේ රටේ නායකයා වෙනවා දකින්න. ඒකට මේ රටේ කාලකන්නි මිනිස්සුන්ට පිං නැ” කියලා. බංකොලොත් රට රනිල් හැදුවා. ඒක දකින්න මංගල මේ ලෝකේ නැ.
මේ රට හදන්න පුලුවන් රනිල්ට විතරයි. ඒ මගේ පැතුම විතරක් මැරුණ මංගල ඇතුලු මේ රටට ආදරය කරන හැමෝගෙම බලාපොරොත්තුව. අපි ඒක අනාගතයට බාර කරමු
අනුර ඔයා මේ රටට, මේ රටේ ජනතාවට ආදරෙයි නම් ඒක පිළිගන්නම වෙනවා

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬