ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් මාසයේදී විදේශ සංචාර දෙකක් සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් මාසයේදී විදේශ සංචාර දෙකක් සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා
Admin User
Author
ඒ අනූව ප්‍රථමයෙන් නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය (UNGA) සඳහා සහභාගී වනු ඇත.එහිදී ඇමරිකානු ජනාධිපතිවරය සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අතර හමුවක්ද සිදුකිරීමට නියමිතව ඇත.
ඉන් අනතුරුවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන රාජ්‍ය සංචාරයට එක්වන්නේ.
මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් සහෝදරයා පැවසුවේ ලබන සැප්තැම්බර් 23 වැනිදා ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි.
එමෙන්ම 24 වැනිදා UNGA සමුළුව අමතමින් රජයේ ප්‍රතිපත්ති සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවද අදහස් දක්වනු ඇති බවයි විදේශ අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ.
මේ අතර UNGA සැසිවාරයට සමගාමීව ජනාධිපතිවරයා තවත් ලෝක නායකයින් කිහිප දෙනෙකු හමුවීමට ද නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා නිව්යෝර්ක් සිට, සැප්තැම්බර් 27 වැනිදා ජපානයේ ඔසාකා වෙත යාමට නියමිත බවත් එහිදී 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වීමටද නියමිතයි.