News August 10, 2025 • 7 months ago

එකම ඉරණමක් ... චරිත දෙකක්..

තම පුතා විසින් සමාජ මාධ්‍යට මුදාහල තාත්තාගේ ගායන හැකියාව පෙන්වූ ඒ වීඩියෝව එකල මිනිසුන්ව පිස්සු වැට්ටුවේය. ඉන්පසු යූ ටුයුබ් කාරයෝ ටීවී චැනල් ඔහුව වටකර ...

A

Admin User

Author

එකම ඉරණමක් ... චරිත දෙකක්..
එකම ඉරණමක් ... චරිත දෙකක්..
අද වනවිට ගාමිණී ජීවරත්න මහත්මයා දරණ '"ෆේස්බුක් ආදරයේ කිරුළ" මීට වසර දෙකකට පමණ කලින් " පෙම් කවක් ලියූ ඔබ " ගීතයේ cover එකක් ගායනා කරමින් චන්ද්‍රසිරි සේදරආරච්චි මහත්මයා දිනාගෙන සිටියේය.

තම පුතා විසින් සමාජ මාධ්‍යට මුදාහල තාත්තාගේ ගායන හැකියාව පෙන්වූ ඒ වීඩියෝව එකල මිනිසුන්ව පිස්සු වැට්ටුවේය.
ඉන්පසු යූ ටුයුබ් කාරයෝ ටීවී චැනල් ඔහුව වටකර ගත් අතර ඉතාමත් කෙටිකලකින් ඒ ජනප්‍රියතාවය අඩුවී ගියේය.
මේවන විට චන්ද්‍රසිරි සේදරාඅරච්චි මහත්මයාව කාටවත් වැඩි මතකයක් නැති අතර,
දැන් චරිතය "ගාමිණී ජීවරත්න" මහත්මයාය.
කිසිම තර්කයක් නැත.. එතුමාගේ ගායන හැකියාව අති විශිශ්ටය.
නමුත් ප්‍රශ්නයක් ඇත. ‼️
ඇත්තටම අපි රසවින්දේ ගායනය පමණද ?
නැත..
ඇත්තටම මිනිසුන් රසවින්දේ කොන්ඩය සුදුවුන ,රැවුල සුදු , ශර්ට් එක උඩින් දමාගෙන පැමිනි වයසක කෙසග මිනිසාගේ ගායන හැකියාව ය.

බැරි වෙලාවත් ගාමිණී ජීවරත්න මහත්මයා රැවුල කපලා කොන්ඩය ඩයි කරලා ලස්සන ශර්ට් එකක් ඇදලා ඔය ගීතයම ගායනා කලා නම් ප්‍රතිචාරය බොහෝ වෙනස් ය.
" තිත්ත ඇත්ත " එයය.

එවැනි ඉරණමකට ලක්වූ පලමු චරිතය චන්ද්‍රසිරි සේදරාඅරච්චි මහත්මයා ය. එතුමාත් අති දක්ශ ගායකයෙකි.
නමුත් ඒ සියල්ල ඔහුගේ වයස්ගත පෙනුම පෙන්වනාතුරු පමණි.

ඉතින් , ජීවරත්න මහත්මයා වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් මෙලෙස ලියමි.

ඔය විදිහටම ඉන්න අංකල් !!
එක එකාට අහුවෙන්න එපා !!
Youtube කාරයින්ගෙන් පරිස්සම් වෙන්න !!
ඉදලා හිටලා ඔය relax එකේම සිංදුවක් දෙකක් කියන්න..
ඒ හොදටම ඇති. 😎
" උඩදමා අතහැරීමේ කලාවට " අහුවෙන්න එපා !!
ඔබට නීරෝගි ආයු !!

සුමේධ
එංගලන්තයේ නෝර්විච් සිට
09.08.2025

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬