News August 10, 2025 • 7 months ago

චෙම්මනි

චෙම්මනි කියන්නේ ලබන 14 වැනිදා, ඒ කියන්නේ ලබන බ්‍රහස්පතින්දා එළිදැක්වෙන පොතක්.

A

Admin User

Author

චෙම්මනි
චෙම්මනි කියන්නේ ලබන 14 වැනිදා, ඒ කියන්නේ ලබන බ්‍රහස්පතින්දා එළිදැක්වෙන පොතක්. යාපනයේ චෙම්මනි සමූහ මිනීවලේ කතාව අළලා තමයි මේ පොත රචනා වෙලා තියෙන්නේ. ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය, චෙම්මනි සමූහ මිනීවලේ මුල් විමර්ශනය, ශ්‍රී ලංකාවේ අතුරුදන්වීම්, චෙම්මනි සමූහ මිනීවලේ වර්තමාන කතාව, ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් ගැනත්, ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ බිරිඳ ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය ගැනත් මේ පොතේ පරිච්ඡේද තියෙනවා.

අපි චෙම්මනි ගිහින් ආවට පස්සේ මම සහ සකුණ එම් ගමගේ ජාතික පුස්තකාලය ඇතුළු ආයතනවලට ගියා චෙම්මනි ගැනත්, අතුරුදන්වූවන් ගැනත් තොරතුරු හොයන්න. නමුත් ඒ බොහෝ තැන්වල මේවා වාර්තා වෙලා තිබුණේ නෑ. ඒකත් එක්ක තමයි තරිඳු උඩුවරගෙදර කිව්වේ අපි ඉක්මණින්ම පොතක් කරමු කියලා. චෙම්මනි කතාව අපි දිගින් දිගටම පත්තරවලට ලිව්වා, ෆේස්බුක් එකේ ලිව්වා, අපේ යූටියුබ් චැනල්වල කිව්වා. මේ ගැන සංවාදයක් ඇති කරන්න වාර්තාමචය චිත්‍රපටයක් හදනවද කියලත් මුලින් කතා වුණා. නමුත් අවසානයේ චෙම්මනි පොතක් විදිහට එලියට දාන්න තීරණය කළා.

ඒ අනුව චෙම්මනි ගැන මූලාශ්‍ර ගණනාවකින් තොරතුරු හෙව්වා. පිටු දහස් ගණනක ලේඛන පරීක්ෂා කළා. උතුරේ අතුරුදන්වූවන්ගේ පවුල්වල සැලකිය යුතු පිරිසක් සමග අපි කතා කළා. ඒවගේම හමුදාවේ ඇතැම් සාමාජිකයන් එක්කත් අපි කතා කළා. මේ විමර්ශනවලට කලින් සම්බන්ධ වෙච්ච අය සමගත් කතා කළා. චෝදනා එල්ල වන සමහර හමුදා සාමාජිකයන් එක්කත් කතා කළා. අවසානයේ අපි පොත ලිව්වා. පොත ලබන බ්‍රහස්පතින්දා කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ තිබෙන ජාතික පුස්තකාලයේ ශ්‍රවනාගාරයේදී එළිදැක්වීමට නියමිතයි.

එදිනට ශ්‍රී ලංකාවේ අතුරුදන්වීම් සහ සමූහ මිනීවලවල් ගැන පැනල් ඩිස්කෂන් එකකුත් පැවැත්වීමට නියමිතයි.

උනන්දුවක් ඇති සියලු දෙනා දැන්ම දිනේ වෙන්කරගන්න....
අගෝස්තු 14 වැනිදා හවස 2.30ට..

සටහන - Tharindu Iranga

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬